by Staff Writer . 26-04-2022 | 4:08 PM
COLOMBO (News 1st) - මිල වැඩි කිරීම හැර ගෑස් අර්බුදය විසඳීමට වෙනත් විකල්පයක් නොමැති බව ලිට්‍රෝ සමාගම පවසයි .
එහි සභාපති, විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ, ගෑස් අර්බුදය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අද (26) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
ලෝක වෙළෙඳපොළේ මිලට සාපේක්ෂව ගැළපිය හැකි මිල සූත්‍රයක් ගෑස් සඳහා ගෙන ආ යුතු බව ද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.