by Staff writer 25-04-2022 | 7:08 AM
COLOMBO (News 1st) – අද(25) දිනයේදී දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරතවීමට ගුරු හා විදුහල්පති සංගම් තීරණය කර තිබේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු සහ පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මෙන්ම රජය ගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙළට විරෝධය පල කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවය.
මෙම එක්දින සංකේත වැඩවර්ජනය සඳහා ගුරු විදුහල්පති සංගම් 30 ක් සහභාගී වන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ ය.
කෙසේ වෙතත් දරුවන්ගේ අධ්‍යාපනය කටයුතුවලට බාධාවක් නොවන ලෙස වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වන ලෙස අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගුරු ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි .