කාදිනල් හිමිපාණන් අද පාප්වහන්සේ හමුවෙයි..

කාදිනල් හිමිපාණන් අද පාප්වහන්සේ හමුවෙයි..

by Staff writer 25-04-2022 | 7:13 AM

COLOMBO (News 1st) –  අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වතිකානයේදී අද (25)ශුද්ධෝත්තම පාප්වහන්සේ හමුවීමට නියමිතව තිබේ.

ඒ සඳහා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් සමග අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය 21 වැනිදා රෝමයේ, වතිකානය බලා පිටත්ව ගියේ ය. මේ සංචාරය සිදු කෙරෙන්නේ , කාදිනල් හිමිපාණන් පසුගියදා පාප් වහන්සේ හමුවූ අවස්ථාවේදී සිදු කළ ඉල්ලීමකට අනුවයි. එම පිරිස අද දිනයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙයකට එක්වීමට ද නියමිතව තිබේ.