ඉන්දීය ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ඉදිරි දෙසතියේ

ඉන්දියානු ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ඉදිරි දෙසතියේ: අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලෙහි සුළු අඩුවීමකුත්..

by Staff writer 25-04-2022 | 8:29 AM

COLOMBO (News 1st) – ඉන්දියානු ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ආරම්භ කිරීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලෙහි සුළු අඩුවීමක් අපේක්ෂා කෙරෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ , ඉදිරි සති දෙක තුළ ඉන්දීය ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය. ඩොලරයේ අගය ඉහළ යාම සමග අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.