සරසවි සිසු විරෝධතා පාගමනට සීමා

විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනට සීමා

by Staff Writer . 24-04-2022 | 11:34 AM

COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(24) දහවල් කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට පාගමනක නිරත වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කළේ ය. කෙසේ වෙතත් එන්.එස්.ඒ. වටරවුමේ සිට චෛත්‍ය පාර, එන්.එස්.ඒ. වටරවුමේ සිට ජනාධිපති මාවත, සෙරමික් හන්දියේ සිට යොර්ක් වීදිය, ජී.ඕ.එච්. හන්දිය දක්වා, බැංකු මාවත, සෙරමික් හන්දියේ සිට එන්.එස්.ඒ. වටරවුම දක්වා ලෝටස් මාවත, පහළ චැතම් විදීය, ජි.ඕ.එච්. හන්දියේ සිට ප්‍රධාන මාවත සහ ලේඩියන් බැස්ටියන් මාවත යන මාර්ගවලට විරෝධතාකරුවන්ට ඇතුලුවීම තහනම් වනු ඇති.