විරෝධතා:මානව හිමිකම් කඩවී දැයි සෙවීමට නියෝජිතයින්V

විරෝධතාව අතරතුර මානව හිමිකම් කඩවී දැයි සෙවීමට මානව හිමිකම් කොමිසමෙන් නියෝජිතයින්...

by Staff writer 24-04-2022 | 9:56 PM

COLOMBO (NEWS1ST) : අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතාවයේදී කිසියම් මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදුවේ දැයි සෙවීමට නියෝජිත කණ්ඩායමක් අනියුක්ත කර තිබේ.

ඒ, මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ය. එහි කොමසාරිස් ආචාර්ය නිමල් කරුණාසිරි මහතා පැවසුවේ, අදාළ නියෝජිතයින් පිරිස ඒ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් ඇති බවය. එවැනි උල්ලංඝණය කිරීමක් වෙතොත් ඊට අදාළ ක්‍රියාමාර්ග වෙත යොමු වීමට ද කටයුතු කරන බව, ඔහු පැවසුවේ ය.