by Staff Writer . 24-04-2022 | 10:37 AM
COLOMBO (News 1st) - යුද්දය අවසන් කිරීම සඳහා යළිත් සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සිලේන්ස්කි රුසියානු ජනපති ව්ලැදීමීර් පුටින්ගෙන් ඉල්ලීම කර තිබේ.
යුක්‍රේන ජනපතිවරයා පැවසුවේ, යුද්දය ආරම්භ කළ ඕනෑම අයෙකුට එය අවසන් කිරීමට ද හැකිවෙතැයි තමන් සිතන බවය.
ඔහු මේ අදහස් පල කළේ යුක්‍රේනයේ අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
රුසියාව හා යුක්‍රේනය අතර සාම ගිවිසුමකට එළැඹෙන්නේ නම් පුටින් හමුවීමට තමන් බිය නොවන බව ද යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
මේ අතර අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් යුක්‍රේන අගනුවර සංචාරයක නිරත වීමට නියමිතය.
ඉකුත් පෙබරවාරි 24 වැනිදා රුසියානු ආක්‍රමණය ආරම්භ වූ පසුව අමෙරිකානු නියෝජිතයෙකු යුක්‍රේනයේ සංචාරයක නිරත වනුයේ පළමු වරට බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.