මීතොටමුල්ලේ ඝාතනයක්

මීතොටමුල්ල ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff Writer . 24-04-2022 | 11:45 AM

COLOMBO (News 1st) - වැල්ලම්පිටිය , මීතොටමුල්ල ප්‍රදේශයේ බේකරියක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය. ඝාතනයට ලක්ව ඇත්තේ 37 හැවිරිදි කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. සිද්ධියට අදාළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.