ඖෂධ ආනයනයට ආධාර ගන්න අලුත් ගිණුමක්

ඖෂධ ආනයනයට විදේශ ආධාර ගන්න අලුත් ගිණුමක්

by Staff Writer . 24-04-2022 | 8:17 AM

COLOMBO (News 1st) - ඖෂධ ආනයනය සඳහා විදේශ ආධාර ගැනීමේ අරමුණින් ඩොලර් තැන්පත් කළ හැකි නව ගිණුමක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රදානයන් සහ ප්‍රදානයන් ආශ්‍රිත කටයුතු පිළිබඳ සම්බන්ධිකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, අදාල ගිණුම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට ‍මුදල් අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවයි. මෙරටට ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රදානය කිරීමට කැමැත්තක් දක්වන විදේශතව සිටින ශ්‍රි ලාංකිකයින්ට සහ වෙනත් ඕනෑම පාර්ශවයට මෙම නව ගිණුම වෙත ඩොලර් යොමු කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ ඉන්දියාව, බංග්ලාදේශය,ඉන්දුනිසීයාව, තායිලන්තය,චීනය, සිංගප්පුරුව ඇතුලු රටවල් සමග මෙරටට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා මේ වන විට සාකච්ජා ආරම්භ කර ඇති බවයි. මීට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යනතර රතු කුරුස සංවිධානය සමගද සාකච්ජා ආරම්භ කර තිබේ. කටාර් රාජ්‍ය, එක්සත් ආරාබි එමිර් රාජ්‍ය ,ඇමරිකාව, සහ කැනඩාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ද මෙරටට ඖෂධ ලබා ගැනීමට මේ වන විට ආධාර ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.