බවුසරයට ගිනි තැබූ බවට සැක පුද්ගලයා අත්අඩංගුවට

රඹුක්කන විරෝධය: ඉන්ධන බවුසරයට ගිනි තැබූ බවට සැක පුද්ගලයා CID අත්අඩංගුවට

by Staff Writer . 23-04-2022 | 6:35 PM

COLOMBO (News 1st) - රඹුක්කන විරෝධතාව අතරතුර ඉන්ධන බවුසරයට ගිනි තැබීමට පැමිණි බවට අනුමාන කෙරෙන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ, රඹුක්ක ප්‍රදේශයේදී ය. 28 හැවිරිදි සැකකරු අද (23) කෑගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.