පෞද්ගලික රෝහල්වල ද ඖෂධ හිඟයක්..-GMOA

පෞද්ගලික රෝහල්වල ද ඖෂධ හිඟයක්.. - GMOA

by Staff writer 23-04-2022 | 1:47 PM

COLOMBO (News 1st) – පෞද්ගලික රෝහල්වල ද මේ වනවිට ඖෂධ හිඟයක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA)පවසයි.

මේ අතර, ඉන්දියානු ණය ආධාර යටතේ ඩොලර් මිලියන 200ක් මෙරටට ඖෂධ ලබා ගැනීම සඳහා වෙන් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේ, එම මුදල් රජයේ සහ පෞද්ගලික රෝහල් සහ බෙහෙත් ශාලා වෙත ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් යොදවන බවය. මේ අතර, දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් අඩාල වූ මෙරට ඖෂධ නිෂ්පාදනය නගා සිටුවීම එහි අරමුණ බව ද ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ ය.