තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් ඉදිරි සතියේ මෙරටට

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200 ක් ඉදිරි සතියේ මෙරටට..

by Staff writer 23-04-2022 | 9:57 AM

COLOMBO (News 1st) – තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200 ක් රැගත් නෞකා දෙකක් ඉදිරි සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා පැවසුවේ, ලබන 26 සහ 28 යන දිනවලදී අදාළ නෞකා දිවයිනට ළඟා වීමට නියමිත බවය. කඩිනමින් එම ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවේ ය.