ඩීසල් නෞකාව ගොඩබෑම ඇරඹේ..

ඩීසල් නෞකාව ගොඩබෑම ඇරඹේ..

by Staff writer 23-04-2022 | 1:02 PM

COLOMBO (News 1st) – ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සහිත නෞකාවේ ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ, ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් සහිත නෞකාවක ගොඩබෑමේ කටයුතු අද(23) ආරම්භ කරන බවයි. දිවයිනේ බොහො ඉන්ධන පිරවුම්හල්වල සේවකයින් අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ඉන්ධන අලෙවි කිරීමේදී ප්‍රමාදයක් හටගෙන ඇතැයි ද ඔහු පැවසුවේය. මේ අතර ඉන්ධන ලබා ගැනීම සඳහා තවදුරටත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනු දැකිය හැකියි.