ගොඩනැගිලි‍ ද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළට...

ගොඩනැගිලි‍ ද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළ යාමෙන් ඉදිකිරීම්වලට බාධා..

by Staff writer 23-04-2022 | 7:35 AM

COLOMBO (News 1st) – ඉන්ධන මිලට සාපේක්ෂව ගොඩනැගිලි ද්‍රව්‍ය ඉහළ යාම හමුවේ මෙරට ඉදිකිරීම්වලින් 75% ක් පමණ ඇණහිට ඇතැයි ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේ, වැලි කියුබ් එකක මිල පමණක් මේ වනවිට රුපියල් 8,000කින් ඉහළ ගොස් ඇති බවයි. පවතින තත්ත්වය යටතේ ලක්ෂ 12 ක් පමණ වූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවූවන්ගේ රැකියාවට බලපෑම් එල්ලවී ඇතැයි ද ඔහු පැවසුවේ ය.