ජනපති ආසියා පැසිපික් ජල සමුළුව අමතයි

ආර්ථික ප්‍රකෘතියට සහය වීම සඳහා ලබාදෙන සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නවා - ජනපති

by Staff Writer . 23-04-2022 | 10:35 PM

COLOMBO (News 1st)  - මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ආයෝජන තාක්ෂණ හුවමාරු, ගෙවුම් ශේෂ පහසුකම් පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් හරහා ලැබෙන ලැබෙන ජාත්‍යන්තර සහය, ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජපානයේ කුමමොටෝ හි දී ආරම්භ වූ 4 වන ආසියා පැසිපික් දෙදින ජල සමුළුවට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි. තිරසර සංවර්ධනය සඳහා ජලය - හොඳම භාවිතයෙන් ඊළඟ පරම්පරාවට යන්න තේමා කර ගනිමින් ආසියාතික සහ පැසිපික් කලාපයේ රටවල් 48 ක රාජ්‍ය නායකයින් සහ ජාත්‍යනතර සංවිධාන වල නියෝජිතයින් 4 වන ආසියා පැසිපික් දෙදින ජල සමුළුවට එක්ව සිටී.