by Staff Writer . 23-04-2022 | 8:37 PM
COLOMBO (News 1st): හෙට(24) පැවැත්වීමට නියමිත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාව සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන්නැයි කොටුව පොලීසීය කළ ඉල්ලීම, අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
හෙට දිනයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන විරෝධතාවයේදී කිසිම අපරාධමය සිද්ධියක් සිදු නොකරන ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි කොටුව පොලිසිය විසින් අංක 07 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කළේය.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක විනිසුරු ඩී.ජේ. ප්‍රභාකරන් මහතා හමුවටයි.