මහජන උද්ඝෝෂණවල⁣ට වෙඩි තියන්න උපදෙස් දුන්නේ නැහැ

මහජන උද්ඝෝෂණවල⁣ට වෙඩි තැබීමට උපදෙස් දුන්නේ නැහැ - පොලිස්පති

by Staff writer 22-04-2022 | 3:54 PM

COLOMBO (News 1st) – මහජන උද්ඝෝෂණවල⁣ට වෙඩි තැබීමට තමන් උපදෙස් දී නැතැයි, පොලිස්පති මානව හිමිකම් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසයි.

ඒ , රඹුක්කන ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් කැඳවා අවස්ථාවේදී ය.