ගාලු මුවදොර උපවාස කළ තෙරිපැහැ සිරිධම්ම හිමි රෝහලට

ගාලු මුවදොරදී මාරාන්තික උපවාසයක් ඇරඹූ තෙරිපැහැ සිරිධම්ම හිමි රෝහලට

by Staff Writer . 22-04-2022 | 10:12 AM

COLOMBO (News 1st) –  ගාලු මුවදොර අරගල භූමියේ උපවාසයක නිරත වූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් අද (22) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.

අප වාර්තාකරු සඳහන් කළේ රෝගාතුර වූ උන්වහන්සේ ගිලන් රථයකින් රෝහල කරා රැගෙනගිය බවයි. ආණ්ඩුවට ඉවත් වන්නැයි බල කරමින් පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගාලු මුවදොර අරගල භූමියේ උපවාසයක් ආරම්භ කර අදට දින තුනකි. උන්වහන්සේ රෝහල්ගත කිරීමත් සමග මාතර විමලදේව හිමි සහ මාලඹේ සීලරතන හිමි අරගල භූමියට වැඩම කර, යළි උපවාසය ආරම්භ කළහ.