by Staff writer 22-04-2022 | 3:14 PM
COLOMBO (News 1st) – කටාර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටි ශ්‍රි ලාංකිකයින් 20 දෙනෙකුට නිදහස ලැබී තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ඒ අතර කාන්තාවක්ද වන බවයි.
ඔවුන් විවිධ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් ය.
කටාර් රාජ්‍යයේ පොදු සමාව යටතේ එම පිරිසට නිදහස හිමි වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.