by Staff Writer . 21-04-2022 | 10:10 AM
COLOMBO (News 1st) – ඛනිජ තෙල් මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
ඔහු සඳහන් කර ඇත්තේ බංග්ලාදේශයෙන් ලබාගෙන ඇති අමෙරිකානු ඩොලර් මිලියන 450 ක විනිමය හුවමාරු පහසුකම් ආපසු ගෙවීම කල් දමා ගැනීමට හැකිවනු ඇති බවයි.
ඉන්දියාව දැනටමත් අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක සහයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
මීට අමතරව චීනය සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවත්, ජපානය , එක්සත් අරාබි එමිර් රාජ්‍යය ,ඕමානය සහ කටාර් රාජ්‍යයන්ගෙන් ද සහය ලබා ගැනීම පිළිබඳව අවධානය යොමුව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මාස 6 ක් පමණ ඇතුළත කොටස් වශයෙන් ලැබෙනු ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසී ය.
ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ, අතරමැදි කාලසීමාව සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ජනතාවට සැපයීම සඳහා අරමුදල් සම්පාදනය කරගත යුතු බවයි.
මේ අතර ටිවිටර් පණිඩුවයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතාවයන්ගෙන් මිදීම සඳහා හදිසි මානුෂීය සහන ලබාදීමට චීනය සුදානම් වන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ආයතනය නිවේදනය කර ඇති බවයි.
මේ සම්බන්ධ සවිස්තර තොරතුරු ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ය.