විරෝධතා භුමියට ආ පොලිස් සැරයන්ගේ වැඩ තහනම්..

ගාලු මුවදොර විරෝධතා භුමියට ආ පොලිස් සැරයන්ගේ වැඩ තහනම්..

by Staff writer 21-04-2022 | 3:03 PM

COLOMBO(News1st) : ගාලු මුවදොර අරගල භුමියට පැමිණි පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, එම පොලිස් සැරයන්වරයා කුට්ටිගල පොලිස්ථානයට අනියුක්තව රාජකාරි කළ අයෙු බවයි. පසුගිය 14 වැනිදා සිය නිල ඇඳුම පැළඳගෙන උද්ඝෝෂණ භූමියට පැමිණිම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය. එහිදී අධිකරණය නියෝග කළේ , එම පොලිස් සැරයන්වරයා ලක්ෂ 03 බැගින් ශරීර ඇප 03 ක් මත මුදා හරින ලෙසයි.