පෙර පරිදිම මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි

ඉවත් කරන්නැයි, කී මුහුණු ආවරණය යළි පළඳින්නැයි දැනුම්දීමක්

by Sagarika Chathumali 21-04-2022 | 2:13 PM

COLOMBO (News 1st)  අද (21) දින සිට සිට ක්‍රියාත්මක වන පරිදි බැහැරට ගමන් කිරීමේදී පෙර පරිදිම මුහුණු ආවරණ පැළඳිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, මේ වන විට රට තුළ පවතින මහජන ඒකරාශීවීම් සලකා බලා එය යළි බලාත්මක කිරීමට තීරණය කළ බවයි. පොදු ප්‍රවාහනයේදී සහ ගෘහස්ථ කටයුතුවලදී හැර ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව බවට පසුගිය 18 වනදා රජය ප්‍රකාශයට පත් කළේ ය. එදින සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, එම තීරණය පසුගිය 18 වැනිදා සිට ක්‍රියාත්මක බවයි.