අද (21) පස්වරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

අද (21) පස්වරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

by Staff Writer . 21-04-2022 | 9:46 AM

COLOMBO (News 1st) – කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට සැලසුම්කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 21 වැනි සංශෝධනය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව වාර්තාවේ. නිවුස් ෆස්ට් පාර්ලිමේන්තු වාර්තාකරුවන් පැවසුවේ,සමගි ජන බලවේගය 21 වැනි සංශෝධනයට අදාළව සකස් කරන ලද කෙටුම්පතක් ද අද කථානායකවරයාට භාරදීමට නියමිත බවයි. මේ අතර හෙට දිනයේ දී සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වසභංග යෝජනාවක් ද අද කථානායකවරයාට භාර දීමට සැලසුම් කර ඇතැයි, වාර්තා වේ.