by Staff writer 21-04-2022 | 5:45 PM
COLOMBO (News 1st) – අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුව ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යෑමට අද(21) පස්වරුවේ රැස් වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබේ.
අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සති කිහිපයක් ඇතුළත ඉන්ධන හා විදුලි කප්පාදු ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බව මෙහිදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළ බවය.
ගෑස් ගැටලුව ද සති කිහිපයක් ඇතුළත විසඳිය හැකි බව අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී සඳහන් කර තිබේ.
ආණ්ඩුව අස්ථාවර බවට ගෙන යන වැරදි ප්‍රචාර තුළින් ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දැමීමට යම් පිරිසක් කටයුතු කළත් කිසිසේත් එයට ඉඩ නොතබන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදී අග්‍රමාත්‍යවරයාට දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.