by Staff Writer . 20-04-2022 | 3:46 PM
COLOMBO (News 1st) – රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අපක්ෂපාතී සහ විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් සිදු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතියට බාධාවක් නොවන බවයි.
විරෝධතාවයේ නිරත වීමේදී ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙස ජනාධිපතිවරයා සියලු පුරවැසියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.