ඖෂධ හිඟයෙන් සැත්කම් සීමා වෙයි

ඖෂධ හිඟයෙන් රජයේ රෝහල්වල සැත්කම් සීමා වෙයි

by Staff Writer . 20-04-2022 | 9:30 AM

COLOMBO (News 1st) –  නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ශල්‍ය කර්ම පමණක් මේ වන විට සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඒ අනුව පිළිකා සහ හදිසි අනතුරු ආශ්‍රිත ශල්‍ය කර්ම පමණක් සිදු කරන බවයි. මතුව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙන බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. එම සාකච්ඡාවට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහභාගි විමට නියමිතයි.