by Staff Writer . 20-04-2022 | 4:11 PM
COLOMBO (News 1st) – එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජික අසීස් නිසාර්දීන් මහතා එහි සමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමිනි.
රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය වෙඩි තැබීම සහ තවත් කරුණු කිහිපයක් සිය ඉල්ලා අස්වීමට හේතුව වූ බව ද අසීස් නිසාර්දීන් මහතා නිව්ස් ෆස්ට් කළ විමසීමකදි සඳහන් කළේ ය.