මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගෙන් නිවේදනයක්

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

by Staff Writer . 19-04-2022 | 10:53 PM

COLOMBO (News 1st) –රඹුක්කන ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ රඹුක්කනදී, පොලිස් නිලධාරීන් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ ද එම ස්ථානයේ සිටි පිරිස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම නිසා වෙඩි තැබීමක් සිදුකළ බවයි. සහකාර පොලිස් නිලධාරියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 11 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේ ය. පොලිස් නිලධාරීන් විසින් බලය ඉක්මවා කටයුතු කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා මේ වන විට රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයෙකු, අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙකු සහ ආරක්ෂක අමාත්‍යංශයේ නීති උපදේශකවරයෙකු ඇතුළු මණ්ඩලයක් පත්කිරීමට පියවර ගෙන තිබේ. මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම සිදුවීම දැඩි පිළිකුලෙන් හෙළා දකින බවයි. සිදුවීම සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අදාළ බලධාරීන්ට බල කර සිටී.