''රඹුක්කන සිද්ධිය ගැන පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි''

රඹුක්කන සිද්ධිය ගැන පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි - අමෙරිකානු තානාපතිනිය

by Staff Writer . 19-04-2022 | 10:21 PM

COLOMBO (News 1st) – අද පස්වරුවේ රඹුක්කන සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ ප්‍රචණ්ඩත්වය තමන් හෙළා දකින අතර එය ප්‍රචණ්ඩත්වයකට යාමට ඉඩ නොදි කටයුතු කළ යුතු බවයි . අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විනිවිධ පරීක්ෂණයක් පවත්වා සාමකාමී උද්ඝෝෂණ සඳහා ජනතාවට ඇති අයිතිය තහවුරු කළ යුතු බවයි. රඹුක්කන විරෝධතාවයේ නිරත පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබු 12 දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ද රොහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළා ය.