COLOMBO (News 1st) – අද පවතින මෙම අර්බුදය ජනතාව ඉල්ලා සිටි System Change එක සිදු කිරීමට හොඳ අවස්ථාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
''අද පවතින මෙම අර්බුදය ජනතාව ඉල්ලු ඒ System Change එක කරන්න හොඳ අවස්ථාවක්. තමුන්නාන්සේලාට ඒ අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ එක්කම මම මේ තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා එයට උපකාර කරන්න කියලා''
අද (18) උදෑසන දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය අමතමින් ජනාධිවරයා කියා සිටියේ, ඇමති තනතුර වරප්‍රසාදයක් නොවන බව ත් එය විශාල වගකීමක් බවත් ය.
කිසිදු අමතර වරප්‍රසාදයක් පාවිච්චි නොකර අවංකව, කාර්යක්ෂමව පිරිසිදු පාලනය කට කැපවන ලෙස නව ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා කියා සිටියේ, ජ්‍යෙෂ්ඨත්වය නොසලකා නව ඇමති මණ්ඩලය පත් කිරීමට කටයුතු කළ බවයි.
''අද මම ජ්‍යෙෂ්ඨත්වය සලකන්නේ නැතිව නව ඇමතිවරු පත් කරලා තිබෙනවා. ඇමති තනතුර වරප්‍රසාදයක් නොවෙයි. ඒක විශාල වගකීමක්. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කිසිදු අමතර වරප්‍රසාදයක් ඇමතිවරයෙක් කියලා පාවිච්චි කරන්න එපා. මම තමුන්නාන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ අවංකව, කාර්යක්ෂමිව පිරිසිදු පාලනය කට කැපවෙන්න කියලා''
තව ද බරපතළ මූල්‍ය අර්බුද තත්ත්වයක පවතින බොහෝ රාජ්‍ය ආයතන නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා අද පත් කෙරුණු ඇමති මණ්ලයෙන් ඉල්ලා සිටියේ, තමන් යටතේ ඇති ආයතන දූෂණයෙන් තොර, ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත් කිරීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ වෙනස්කම් සිදු කර රට අර්බුදයෙන් මුදවා ගැනීමට ජනතාවට පොරොන්දු වෙන බවය.
https://youtu.be/65h91QEqnuQ