by Sagarika Chathumali 18-04-2022 | 4:39 PM
COLOMBO (News 1st) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළ සාධනීය කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ, ජනතාවට වග කියන රජයක් බිහි කිරීම සඳහා විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන ඉල්ලීම් පිළිබඳව අග්‍රමාත්‍යවරයාගේ අවධානයට යොමු වී ඇති බවයි.
අදාළ නිවේදනයේ වැඩිදුටත් සඳහන් වන්නේ, එම සංශෝධිත ව්‍යවස්ථාව මගින් ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇති බවට අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වන බවයි.