පාසල් වේලාවේ වැඩිපුර පැය තාවකාලිකව අත්හිටුවයි

පාසල් ⁣පැවැත්වෙන වේලාවේ වැඩිපුර පැය තාවකාලිකව අත්හිටුවයි

by Staff Writer . 17-04-2022 | 8:55 AM

COLOMBO (News 1st) - රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ පළමු පාසල්වාරය හෙට(18) ආරම්භ වීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කරමින් පැවසුවේ, හෙට සිට ආරම්භ කරන නව වාරයේ සිට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට පියවර ගන්නා බවය. කෙසේ වෙතත් මෙලෙස අමතර පැයක් පාසල් කාලය දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.