බක්පුර පසළොස්වක පොහොය අදයි

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක්පුර පසළොස්වක පොහොය අදයි

by Staff writer 16-04-2022 | 6:12 AM

COLOMBO (News 1st) – බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක්පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

මිණි පළඟක් වෙනුවෙන් චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කාළේ, අදවන් බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. එමෙන් ම බුදුන් වහන්සේට කැලණියට වැඩම කරන ලෙස මණිඅක්ඛිත නා රජුන් විසින් ආරාධනා කරණු ලැබ ඇත්තේ ද අදවන් දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය. එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනකයි.