by Staff Writer . 16-04-2022 | 9:21 PM
COLOMBO (News 1st) - සියලු දේශපාලන පක්ෂ ඇති බලය රැක ගැනීමටත් නැති බලය ඩැහැ ගැනීමටත් දරණ ප්‍රයත්නය මහජනතාවගේ පිළිකුලට භාජනය වී ඇතැයි බුද්ධ ශාසන කාර්යය සාධක මණ්ඩලයේ සම ලේකම් අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන් අවධාරණය කරයි.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මහා නාහිමිපාණන් වහන්සේලා වත්මන් අර්බුදය විසඳා ගැනීම සදහා අදාළවන යෝජනා ඇතුළත් කොට ඉදිරිපත් කළ සංදේශය පිළිබඳව රජය හෝ ප්‍රතිපක්ෂය මෙතෙක් අවධානය යොමුකර නොමැති බවය.
රජයේත් රටේත් අස්ථාවරභාවය ජනතාව තව තවත් පීඩාවට පත්කරනු නොඅනුමාන බව පවසන උන්වහන්සේ, ජනතා අර්බුදය විසඳන සාකච්ඡාවක් හෝ ක්‍රියාමාර්ගයක් පාර්ලිමේන්තුව තුළ සිදු නොවන බැවින් මන්ත්‍රීවරු 225 දෙනාම ජනතා අප්‍රසාදයට ලක්වීම සාධාරණ බව ද අවධාරණය කර සිටී.