ජනපති සහ මැති ඇමතිවරුවන් අතර සාකච්ඡා කිහිපයක්

ජනපති සහ මැති ඇමතිවරුවන් අතර හදිසි සාකච්ඡා කිහිපයක්

by Staff Writer . 16-04-2022 | 5:15 PM

COLOMBO (News 1st) - වර්තමානයේ පවතින කාරණා පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(16) පෙරවරුවේ පවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එහි පළමු සාකච්ඡාව මුදල් අමාත්‍ය අලි සබ්‍රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරුන් සමග පැවැත්වූ බවයි. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම් සිරිවර්ධන යන මහත්වරුන් ද එම සාකච්ඡාවට සහභාගී වී තිබේ. මුදල්, බලශක්ති සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමග ජනාධිපතිවරයා අද දිනයේ තවත් සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.