by Staff writer 16-04-2022 | 6:00 AM
දේශීය පුවත්
1.ගාලු මුවදොර විරෝධයට එක්වූ පොලිස් නිලධාරියාට ඇප.. – ගාලු මුවදොර විරෝධතා භූමියට පැමිණ මහජනයා ප්‍රකෝප වන ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ඊයේ (15)ශරීර ඇප මත මුදා හැරිණි.
2.යානා 21ක් කල්බදු ක්‍රමයට ලබා ගැනීමේ සූදානමක් ගැන ශ්‍රීලංකන් කරුණු පහදයි – දිගු කාලීන උපාය මාර්ගික ව්‍යාපාරික සැලැස්මට අනුව ගුවන් යානා 21 ක් කල්බදු ක්‍රමයට ලබා ගැනීම සඳහා යෝජනා 4 ක් කැඳවූ බව ශ්‍රීලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
3.ගෑස් ගන්න ලිට්‍රෝ සමාගමට මහ බැංකුවෙන් ඩොලර් මිලියන 10ක් – ගෑස් මිලදී ගැනීම සඳහා ලිට්‍රෝ සමාගමට ඩොලර් මිලියන 10 ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී තිබේ.
4.ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන සැපයීම සීමා කරයි… – සිපෙට්කෝ පිරවුම්හලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබේ.
5.උගන්ඩාවට ගිය ගුවන් යානා 3 ගැන ශ්‍රීලංකන් කරුණු පහදයි – පසුගිය වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය අඩංගු ගුවන් යානා සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම කරුණු පැහැදිලි කර තිබේ.
විදෙස් පුවත්
1. යුක්‍රේන – රුසියා යුද්ධය හේතුවෙන් රටවල් 7ක් ප්‍රබල ආහාර අර්බුදයක – යුක්‍රේන – රුසියා යුද්ධයත් සමග ලොව රටවල් 7ක් ප්‍රබල ආහාර අර්බුදයකට මුහුණපා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.