ගමට ඉදන් කොළඹ එන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා

ගමිබිම් බලාගිය ජනතාවට කොළඹ එන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා.

by Staff writer 16-04-2022 | 6:45 AM

COLOMBO (News 1st) – අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අදත්(16) විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ. ‍

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. එච්. පණ්ඩුව ස්වර්ණහංස මහතා සඳහන් කළේ, ඒ සඳහා අතිරේක බස් රථ 200ක් යොදවා ඇති බවය. මේ අතර, ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ ය. එමෙන්ම ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීමට අනිද්දා සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.