by Staff writer 16-04-2022 | 9:19 AM
COLOMBO (News 1st) – ඉන්ධන සඳහා සීමා පැනවූවද එය අත්‍යවශ්‍ය සේවා සඳහා බලනොපාන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අවධාරණය කරයි.
එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා පිරවුම්හල් තුළින් ඉන්ධන ලබා ගැනීමට හැකි බවයි.
මේ අතර, සිපෙට්කෝ පිරවුම්හල්වලින් යතුරු පැදි, ත්‍රීරෝද රථ, කාර් , වෑන් , ජීප් ඇතුළු වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම ඊයේ (15) පස්වරු 1.00 සිට සති 2ක කාලයක් සඳහා සීමා කෙරිණි.
ඒ අනුව, යතුරු පැදි සඳහා ඉන්ධන නිකුත් කළ හැක්කේ රුපියල් දහසක උපරිමවකට යටත්වයි.
ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500 ක් ද,
කාර් , වෑන් , ජීප් ඇතුළු අනෙකුත් වාහන සඳහා රුපියල් පන්දහසක ද ඉන්ධන නිකුත් කෙරනු ඇති.