by Staff Writer . 15-04-2022 | 12:40 PM
COLOMBO (News 1st) – හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් මහතා අද උදෑසන ගාලු මුවදොර අරගල භූමියේ උපවාසයක් ආරම්භ කළේ ය.
ඒ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය අපේක්ෂාවෙනි.
සත්‍යග්‍රහයට එක්වෙවෙමින් ධම්මික ප්‍රසාද් පැවසුවේ, ජනතාව මෙවැනි අසරණ තත්ත්වයට පත්ව සිටින අවස්ථාවක ජනතාවට සාධාරණයක් අපේක්ෂාවෙන් තමන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ බවයි.
සියලු දෙනාට අනාගතයේ සාධාරණයක් ඉටු වනු ඇතැයි, තමන් අපේක්ෂා කරන බව ද ඔහු පැවසි ය.