ලිට්‍රෝ සමාගමට ඩොලර් මිලියන 10ක්

ගෑස් ගන්න ලිට්‍රෝ සමාගමට මහ බැංකුවෙන් ඩොලර් මිලියන 10ක්

by Staff Writer . 15-04-2022 | 3:03 PM

COLOMBO (News 1st) – ගෑස් මිලදී ගැනීම සඳහා ලිට්‍රෝ සමාගමට ඩොලර් මිලියන 10 ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී ති‌බේ.

එම සමාගම පවසන්නේ, නිෂ්පාදන කටයුතු යථා තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය ගෑස් තොග ලැබෙමින් පවතින අතර ලබන සඳුදා සිට නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බවය. රජයේ මැදිහත්වීම හා ලෝක බැංකු ආධාර යටතේ ගෑස් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රතිපාදන ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ යටතේ ඉදිරියේදී මෙරටට ගෑස් මෙට්‍රික් ටොන් 8,500ක් ලැබීමට නියමිතය.