ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන සැපයීම සීමා කරයි...

ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන සැපයීම සීමා කරයි...

by Staff Writer . 15-04-2022 | 2:37 PM

COLOMBO (News 1st) - සිපෙට්කෝ පිරවුම්හලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබේ.

අද පස්වරු 1 සිට සති දෙකක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මක වේ. ඒ අනුව යතුරු පැදි සඳහා ඉන්ධන නිකුත් කළ හැක්කේ රුපියල් දහසක උපරිමවකට යටත්වයි. ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500 ක්ද, කාර් , වෑන් , ජීප් ඇතුළු අනෙකුත් වාහන සඳහා රුපියල් පන්දහසක ද ඉන්ධන නිකුත් කෙරනු ඇති. මෙම සීමා කිරීම් බස්රථ සහ සෙසු වාණිජ කටයුතු සඳහා භාවිත වන ඩීසල් වාහන සඳහා අදාළ නොවද බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත්කළ චක්‍රලේඛයේ සඳහන් වේ. එම චක්‍ර ලේඛයේ වැඩිදුරටත් විවිධ පාර්ශ්ව රැගෙන එනු ලබන බැරල්, බූලී සහ ප්ලාස්ටික් ටැංකි වැනි භාජනවලට ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවා ඇති බවයි. මෙම චක්‍රලේඛය අද (15) පස්වරු එකේ සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති අතර, එය ඉදිරි සති දෙක සඳහා බලාත්මක බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.   https://youtu.be/ojV55cxoGro