කෑන් සහ බූලිවලට ඉන්ධන නොදීමෙන් තෙල් පෝලිම් උණුසුම්

කෑන් සහ බූලිවලට ඉන්ධන නොදීමෙන් තෙල් පෝලිම් උණුසුම්

by Staff Writer . 15-04-2022 | 1:06 PM

COLOMBO (News 1st) – විශේෂ න් සහ බූලි සඳහා ඉන්ධනඅවසරයක් නැත්නම් කැ නිකුත් නොකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ අනිසි තොග එක් රැස් කිරීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත් මෙම තීරණයට විරෝධය පළ කරමින් අද ගාල්ල පින්දූව ප්‍රෙද්ශයේදී විරෝධතාවක් පැවැත්විණ. මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ, ගාල්ල පින්නදූව අධිවේගී පිවිසුම අසල පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිසකි. ඔවුන් චෝදනා කළේ කෑන් සඳහා ඉන්ධන ලබා නොදීමට ගත් තීරණය අසාධාරණ බවයි. ඉන්ධන පිරවුම්හල් සේවකයින් කෑන් සඳහා ඉන්ධන ලබා දීම ප්‍රතික්ශේප කිරීමත් සමග තත්ත්වය උණුසුම් විය. . විරෝධතාවය හේතුවෙන් ගාල්ල පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමේ රථ වාහන ගමනාගමන කටයුතුවලට බාධා මතු  බව වාර්තා වේ. මාතර නගරයෙත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණ. කෑන් සඳහා ඉන්ධන ලබා නොදීම නිසා පාරිභෝගිකයින් අප්‍රසාදය පළ කළේ ය. මහනුවර හා තදාසන්න ප්‍රදේශවල අද බොහෝ ඉන්ධනහල් වසා දමා තිබිණ. විවෘතව තිබු ඉන්ධනහල්වල පෙට්‍රල් පමණක් තිබූ අතර දිගු පෝලිම් ද දක්නට ලැබිණ. මාවනැල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල් බොහොමයක් අද දිනයේ වසා දසා තිබිණ. පොලොන්නරුවේ ජනතාවත් අද උදෑසන සිටම තෙල් පෝලිම්වල සිටිය ද බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඒ වනවිටත් ඉන්ධන අවසන් ය. පොහොර ගැටලුවෙන් හෙම්බත් වුනු අපේ රටේ ගොවි ජනතාව මේ දවස් වල ඉන්ධන හිඟයෙනුත් බැට කමින් සිටී. හම්බන්තොට මයුරපුර කටුවැව ගොවි ජනතාව කුඹුරු අස්වැද්දිම මේ වනවිට ආරම්භ කර තිබේ. සී සෑමට යොදා ගන්නා ට්‍රැක්ටර් සඳහා ඩීසල් නොමැති වීම හේතුවෙන් මයුරපුර ගොවින්ට අත්ව ඇත්තේ කබලෙන් ළිපට වැටුණු තත්ත්වයකි. පසුගිය කන්නයේ පොහොර නොමැති වීම නිසා බලාපොරොත්තු වු අස්වැන්න නෙළා ගැනීමට ගොවියන්ට නොහැකි විය. ඉන්ධන ගැටලුව නිසා මේ කන්නයත් අසාර්ථක විය හැකි බවට මයුරපුර ගොවියන් මැසිවිලි නගයි. ජනතාව ඉන්ධන වෙනුවෙන් පෝලිමේ සිටියත් මේ වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බව ඛණිජ තෙල් නිතිගත සංස්ථාව පවසයි. අනිසි තොග රැස් කිරීම හේතුවෙන් ඉන්ධන හිඟයක් මතුව ඇති බව පවසන ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ, තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37500 ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණෙන බවයි. එම ඉන්ධන තොගය දින 25 කට පමණ ප්‍රමාණවත් බව ඛණිජ තෙල් නිතිගත සංස්ථාව සඳහන් කළේ ය. මේ අතර ඊයේ දින පැමිණා ඩිසල් මෙට්‍රික් ටොන් 41,000 මේ වන විට ගොඩබාමින් පවතින බව ඛණිජ තෙල් නිතිගත සංස්ථාව පැවසිය. එයට මෙරටට ලැබුනේ ඉන්දීය ණය ආධාර යටතේයි. එම ඉන්ධන තොගය දින 6 කට ප්‍රමාණවත් බව සඳහන් ය.