by Staff Writer . 15-04-2022 | 12:49 PM
COLOMBO (News 1st) – පසුගිය වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය අඩංගු ගුවන් යානා සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම කරුණු පැහැදිලි කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් සමාගම පවසන්නේ 2021 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සිට උගන්ඩාවට මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ගුවන් මගින් ප්‍රවාහන කළ බවයි.
මේ අතර සමාගම නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් වූයේ උගන්ඩා රජය, උගන්ඩා මුදල් නෝට්ටු තොගයක් ආරක්ෂක මුද්‍රණ කටයුතු සිදුකරන මෙරට සමාගමකින් ඇනවුම්කර තිබූ බවයි.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ එන්ටැබේ වෙත සිදු කළ ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම වාණිජමය ක්‍රියාවලියක් බවත් ඒ හරහා ශ්‍රී ලංකාවට හා සමාගමට විදේශ ආදායමක් ලැබුණු බවත් ශ්‍රීලංකන් සමාගම අවධාරණය කරයි.