by Staff Writer . 15-04-2022 | 3:56 PM
COLOMBO (News 1st) – උතුරු , උතුරු මැද , නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව අද රාත්‍රි 10.00 තෙක් වලංගු වන බවයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 වැඩි තද වැසි ඇතිවිය හැකි ය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.