අමෙරිකානු නියෝජිතයෙක් යුක්‍රේනයට

අමෙරිකානු නියෝජිතයෙක් යුක්‍රේනයට

by Staff Writer . 15-04-2022 | 12:31 PM

COLOMBO (News 1st) –  ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු නියෝජිතයෙකු යුක්‍රේනය බලා පිටත්කර යැවීමට අමෙරිකාව තීරණය කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ උප ජනපති කමලා හැරිස්, යුක්‍රේන යුද්ධය ආරම්භවීමෙන් අනතුරුව අසල්වැසි පෝලන්තයට ගොස් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ය. පසුගිය සතියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද යුක්‍රේනයේ සංචාරක නිරත විය. ඊට අමතරව යුරෝපා රටවල් රැසක රාජ්‍ය නායකයින් ද යුක්‍රේන ජනාධිපතිවරයා සමග දුරකතන සංවාදවල යෙදෙමින් සහය ලබාදුන්නේ ය. මේ අතර රුසියා ප්‍රහාරවලින් යුක්‍රේනයේ පාසල් 120 ක් පමණ විනාශ වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පෙරපාසල් 103 කට ද ඉන් හානි සිදුව ඇති බවයි. ප්‍රහාර වලින් හානි වී ඇති යුක්‍රේනයේ විශ්වවිද්‍යාල සංඛ්‍යාව, 37කි. ඒ අනුව සමස්ත අධ්‍යාපන ආයතන 869 කට ප්‍රහාරවලින් හානි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.