ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බි. 2ක මූල්‍ය ආධාරයක්

ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බි. 2ක මූල්‍ය ආධාරයක් දීමට ඉන්දියාව සූදානම්...

by Staff Writer . 14-04-2022 | 12:36 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තිය වර්ධනය පිණිසි තවත් ඩොලර් බිලියන 2ක මූල්‍යාධාර ලබා දීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබේ.

රොයිටර් පුවත් සේවයේ වාර්තාවක දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව ණ්‍ය ගෙවීම් පැහැර හැරීම පිළිබඳ කරන ලද ප්‍රකාශය පිළිබඳ ඉන්දියාව කනස්සල්ල පළ කරන බවයි. එහෙත් තවදුරටත් ශ්‍රී ලංකාවට ආර්ථික සහය ලබා දීමට ඉන්දියාවය සූදානම්. මේ වන විටත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලිනය 1.9ක ණය පහසුකමක් ලබා දී තිබේ. මීට අමතරව ඉන්ධන සඳහා ද පසුගිය දා ඩොලර් මිලියන 500 ක් ලබා දී තිබේ. රොයිටර් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට ණය දීමෙන් චීනයට වඩා ඉන්දියාව ඉදිරියෙන් සිටීමට අපේක්ෂා කරන බවයි.