by Staff Writer . 14-04-2022 | 1:26 PM
COLOMBO (News 1st) – ජනතා අභිලාසය හා පාලකයන්ගේ ක්‍රියා කලාපය අතර ලොකු හිඩැසක් මතුව ඇති බැවින් පළාත් සභා මැතිවරණය හෝ පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මානව හිමිකම් කොමිසම රජයට නිර්දේශ කර තිබේ.
සභාපතිනී විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය මේ යෝජනාව සිදුකර ඇත්තේ, මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙසට නිර්දේශ කිරීමට සිය කොමිසමට බලයක් නොමැති බැවිනි.
මානව හිමිකම් කොමිසම පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙවැනි මොහොතක සැබෑ ලෙසම තමන් නියෝජනය කරන ජනතාවගේ අභිලාසයන් වෙනුවෙන් පෙනි සිටිනවා ද යන්න ප්‍රශ්න සහගත බවයි.
ජනතාවගේ සැබෑ මතය නියෝජිනය වීම පිණිස ඡන්දයට යෑමේ අවස්ථාව දිය යුතු බැවින් පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද කල් දැමීම පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව ද මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි.