COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ආර්ථිකයට ඩොලර් බිලියන 4 ක ආධාර ලබා ගැනීම සඳහා අප්‍රේල් 18 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය අලී සබ්රි මහතා පවසයි.
''අපිට බොහෝ දුරට බිලියන 3 ත් 4 ත් අතර අලුතින් මුදල් අවශ්‍යයි.ගෙවිය යුතු වුවත් ණය යලි ගෙවීමේ බර දැන් අපි පැත්තකින් තියලා තියෙන්නේ.අපි අපෙක්ෂා කරනවා සැපයුම පවත්වාගෙන යමින් මෙරට කර්මාන්තවලට බලපෑමක් වන විදුලි කප්පාදුව අඩු කරන්න''
ප්‍රශ්නය :- ඔබ මේ වන විටත් චීනයෙන් තවත් ඩොලර් බිලියන 2.5 ක මූල්‍ය ආධාරයක් ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. මෙම සාකච්ඡාවල අලුත් තත්ත්වය පැහැදිලි කළ හැකි ද ?
පිළිතුර (මුදල් ඇමති):- අපි ඔවුන් සමග දීර්ඝ කාලීනව සාකච්ඡා කරමිනුයි ඉන්නේ...අපිට විශ්වාසයි චීනය අප දෙස ධනාත්මකව බලයි කියලා. චීනයට සමග අපට දිගු කාලීන සම්බන්ධතාවක් තිබෙනවා. මම ඒ ගැන වැඩිදුරටත් තොරතුරු හෙළි කරන්නෙ නැහැ. ඔවුන් තවමත් ඉන්නේ සාකච්ඡා මට්ටමේ, එවගේම ඉන්දියාවත් අපිට නිරත්නරයෙන් උදව් කරනවා. එම රටවල් දෙකම අපගේ අසල්වැසියන් හා මිතුරන්. ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. අපි විසින්ම නැගී සිටින තෙක් අපට අවශ්‍ය සහාය ලබාදන බවට...අප මේ වන විටත් චීනය, ඉන්දියාව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව සමග මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ සියලු දේ සමග අපි විශ්වාස කරනවා අපිට ඉදිරියට යා හැකි කියලා, ඉදිරි අවුරුද්ද අපිට අසීරු විය හැකි බව මම දන්නවා. අපි තේරුම් අරන් තිබෙනවා. මේ කාලය තවදුරටත් අසීරු විය හැකි බව