by Staff Writer . 14-04-2022 | 1:10 PM
COLOMBO (News 1st) – මෙරට පාරිභෝගිකයන්ට මෙවර අලුත් අවුරුද්ද සමරනන්ට සිදුව තිබෙන්නේ අර්බුදයක් තිබියදී දින 05කට ගෑස් සැපයුම අත්හිටවූ වාතාවරණයකයි.
වෙළඳපොළේ ගෑස් හිඟයක් පවතින මොහොතක ලිට්රෝ ගෑස් සමාගම කෙරවලපිටිය ගෑස් පර්යන්තය දින 05කට වසා දැමීමට තීරණය කර තිබේ.
ලිට්රෝ සමාගම මාසිකව කිලෝ 12.5 ගෑස් සිලින්ඩර ලක්ෂ 22 ක් වෙළඳපොළට නිකුත් කළ යුතු වුවත් පසුගිය මාසය තුළ බෙදා හැර ඇත්තෙ සිලින්ඩර් ලක්ෂ 10ක් පමණි.
මේ කරුණු හෙළිව ඇත්තේ, පාරිභෝගික සේවා අධිකාරිය සිදුකළ විමර්ශනයකදී ය.
සැපයුමෙන් ලක්ෂ 12ක් අඩුවන වාතාවරණයක රටේ පෝලිම් අඩු වේ යැයි සිතිය හැකි ද?
මේ සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමේ නිදහසට කාරණාව වන්නේ, ඩොලර් හිඟය හමුවේ ගෑස් ආනයනය සීමාවීම මෙවන් තත්ත්වයකට හේතුවූ බවයි.
එහතේ ලිට්රෝ සමාගම දිගින් දිගට ප්‍රකාශ කළේ, දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂයක් නිෂ්පාදනය කරන බවයි.
කෙසේ වෙතත් ලිට්රෝ සමාගමට දින 05ක් අවුරුදු නිවාඩුයි.
පාරිභොගිකයන් හෙට යළිත් පෝලිමට එක්වනු ඇති.