විරෝධයට එක්වූ පොලිස් නිලධාරියාට විනය ක්‍රියාමාර්ග

ගාලු මුවදොර විරෝධයට එක්වූ පොලිස් නිලධාරියාට විනය ක්‍රියාමාර්ග...

by Staff writer 14-04-2022 | 9:24 PM

COLOMBO (News 1st) –  අද(14) කොළඹ ජනාධිපති කාර්යාල අසල පැවැත්වෙන විරෝධතාවය අසලදී පොලිස් නිලධාරියෙකු කළ අදහස් දැක්වීමකට අදාළව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ නිලධාරියාට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරන බවත්, අනාවරණය වන තොරතුරු මත වෙනත් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.